ලෝක කුසලානය වික්ක හඬ පට ඇතුළු 124,000ක් මගේ ළඟ – රන්ජන්ගේ අලුත්ම හෙළිදරව්ව..

රන්ජන් රාමනායක මහතා හඬපට සිද්ධියක් පිළිබඳව පසුගිය ජනවාරි හතර වැනිදා (4) අත්අඩංගුවට ගෙන මාසයයි දින විසි දෙකකට පසුව ඇප මත නිදහස් කෙරුණි.

ඉන් පසුව ඔහු සමග කළ සාකච්ඡාවකි මේ.

“මා ළඟ 2002 සිට 2020 දක්වා කෙරුණු සාකච්ඡාවල හඬපටවල් එක්ලක්ෂ විසිහතර දහසක් ( 124,000 ) තියෙන බව කිවේය. ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගෙ ඇරුණු විට දේශපාලන ක්ෂේත්‍රයේ සහ ඊට පරිබාහිර විශාල පිරිසකට අයත් තොරතුරු, විස්තර මා සතුව තියෙනවා. ඒවා අතර හඬපට, වීඩියෝ දර්ශන, වෛද්‍ය වාර්තා, බී වාර්තා, සහිත පිටපත්, දිවුරුම් ප්‍රකාශ, සී.සී.ටී.වී. ෆුටේජ්, ඩීවීඩී, වීසීඩී, පෙන් ඩ්‍රයිව් රෙකෝඞ් ඔය සෑම දේම තියෙනවා ඉතා ආරක්ෂිතව.

එක්ලක්ෂ විසිහතර දහසකින් දැනට එළියට ගිහින් තියෙන්නේ හඬපට හයයි. ඒකෙන් සිදුවෙච්ච ප්‍රතිචාරය බලන්න. විනිසුරුවන් තිදෙනකුට රැකියා නැතිවුණා. සී.අයි.ඩී. ලොක්කකුටත් ඒ වගේ. බී.බී.සී. එකේ අසාන් අමීන් කොන් වුනා. ඔය හඬපට එක්ලක්ෂ විසිහතර දාහෙන් හයකින් සිදුවූ ප්‍රතිචාර බැරිවෙලා හරි එක්ලක්ෂ විසිහතර දහසම එළියට දැම්මොත් කොහොම හිටී ද ..?

හැබැයි එකක් කිව යුතුයි. සනාථ කරන්න විස්තර වාර්තා හඬපට නැති එකම එක්කෙනයි ඉන්නෙ. එතුමා තමයි වර්තමාන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාය.

හිටපු ජනාධිපතිවරුන්ගෙ, කැබිනට් ඇමැතිවරුන්ගෙ, දේශපාලන ක්‍රියාකාරින්ගෙ, ඇමැති බිරියන්ගෙ, වාස්තු විද්‍යාඥයන්ගෙ, ගෘහ නිර්මාණ ශිල්පීන්ගෙ, ඇතැම් භික්ෂුන් වහන්සේලාගෙ, සුමනදාස වගෙ ජ්‍යොතිෂශාස්ත්‍රඥයන්ගෙ, රේස්කාරයන්ගෙ, ඇමැති, ජනාධිපති දුවා දරුවන්ගෙ ඔය කොයි කාගෙත් හොඳ හොඳ දේවල් තියෙනවා. ඒකයි ඔය හැමදෙනාම ගැහෙන්නෙ, වෙව්ලන්නෙ. අනේ අපේ කටහඬවල් තියෙන ඒවා අද එළියට වැටෙයිදෝ යන බයෙන් තමයි ඔය වැඩි දෙනෙක් වෙව්ලලා උදේ නැඟිටින්නෙ. හැබැයි එක දෙයක්. ඔය එළියට දැම්ම විතරයි. ආයෙ සම්මජ්ජාතියේ එකක් වත් එළියට දාන්නෙ නැහැ.

ඔය දේවල් එළියට එයි කියන බයේ මට පාර්ලිමේන්තුවෙ කතාවක් නොදෙන්න වැඩිදෙනකු උත්සාහ දැරුවා. මම බලෙන් වගේ තමයි මගේ කතාව කළේ. මට ඒව අනාවරණය කරන්න අයිතියක් තියෙනවානේ. මම කරන්නේ මේ රටේ සූවාසූ දහසක් දාදිය හෙළන, දුක් විඳින මහජනතාවගේ අයිතිය ආරක්ෂා කරදීමට සියල්ල මට හැකි අන්දමින් අනාවරණය කරන එකයි.

මේ රටේ ව්‍යවස්ථාදායකය, විධායකය, අධිකරණය කියලා පාලන ව්‍යුහයේ කොටස් තුනක් තියෙන්නෙ. මහජනතාවට සේවය කරන්න. ඒ සඳහා විධායකයට දැනට රුපියල් කෝටි ප්‍රකෝටි ගණන් වියදම් කෙරෙනවා. ඒත් මහජනයාට සිදු වූ සේවය කුමක්ද..? මහජනයාට වෙච්ච යහපතක් නැහැ. පාරෙ යන්න පණ නැතිව හිටි ඇතැම් අයගේ බඬේ රැලි දැන් බෙල්ලට ඇවිත්. මහජන දේපොළ ගසාකාලා මහජනයා තවමත් හාමතේයි.

ඔය තත්ත්වය යටතේ කවුරුවත් ඔය හඬ පට එළියට දාන්නේ නෑ. එහෙත් මෙවැනි දෙන්නෙක්, තුන්දෙනෙක් එක්ක කතා කරපු ඒව විතරයි. ඇයි අනිත් ඒවා ඉදිරිපත් නොකරන්නෙ. මම අභියෝග කරනවා. ‘මව්බිම’ පත්තරේ තිබුණ මම අධිකරණ විනිසුරු පිලපිටිය මහත්තයට තර්ජනය කළා කියලා. හැබැයි දැන් ‘මව්බිම’ පත්තරේ කියන්නෙ ඒක මිත්‍රශීලී සංවාදයක් කියාලයි.

හුඟක් දෙනකුට උවමනා වුණේ මම අධිකරණයට බලපෑම් කරල අපට ඕනෑ හැටියට තීන්දු දුන්න කියල අධිකරණය නරකයි කියන එක සමාජගත කරලා. ත්‍රිපුද්ගල සහ පංච පුද්ගල අධිකරණ විනිසුරු මඩුල්ලකින් දුමින්ද සිල්වාට දුන්න තීන්දුවත් පක්ෂග්‍රාහී එකක් හැටියට පෙන්නලා දුමින්ද සිල්වාගේ තීන්දුව වෙනස් කර ගන්න තමයි.

හෙළි නොවූ රහස් තොරතුරු මා ළඟ එමටයි.. දිනාගන්න තිබුණු ලෝක ක්‍රිකට් කුසලාන මැච් එක ඉන්දියාවට වික්ක හැටි, එසේ වික්ක ක්‍රිකට් ඇමැති ගෙතූ කතාවල්.. ලෝක ප්‍රකට කලාකරු ෂාරුක් ඛාන් ලංකාවට ආපු වෙලාවෙ බෝ ම්බ ගහන්න කළ සැලැස්ම.

මම අභියෝග කළා හැකි නම් මා ඉදිරිපත් කරපු හඬපටවල් සභාගත කරන්න. මාධ්‍යවලට ප්‍රතිචාරය කරන්න කියලා. පාර්ලිමේන්තුවෙ කතා කළේ. ඒව නොසරුප් දේවල්ස ම්බන්ධතා තියෙන දේවල් කියල සත්‍ය වසන් කරලා මාව තුට්ටු දෙකට දාලා කොළේ වහලා ගැහුවා. රටේ වංචා වසන් කරන්න අභිරහස් වසන් කරන්න.

අපේ කතානායකතුමාටත් ඉතාම දැඩි අවස්ථාවක් තිබුණ හඬපටවල තියෙන්නෙ නොසරුප් දේ කියල. ඒවා සභාගත නොකර සිටින්න. ඒ වගේම මට පාර්ලිමේන්තුවෙ කතාවක් නොදී සිටින්න වලි කෑවා. මම ජනවාරි විසි එක (21) කතා කළේ බලෙන් වගේ. නොදී බැරි තත්ත්වයක් ඇති වුණාට පස්සෙයි කතාවක් දුන්නේ. පක්ෂ නායක රැස්වීමේදී තීරණය වුණෙත් හඬපට ඉදිරිපත් කරන්න කියලා. මමත් කීවෙ අභියෝග කරන්නෙත් ඒවා එළියට දාන්න කියලා.

මම ඔය කියපු දේවල් මා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරපු හඬපට හතක තියෙනවා. තවත් ටිකක් මහජනතාව දැනගත යුතුයි.

මම මෛත්‍රිපාල සිරිසේන මහත්තයගෙ හඬපට දෙකක් , මහින්ද රාජපක්ෂ මහත්තයගෙ හඬපට දෙකක් , මහින්දානන්ද අලුත්ගමගේ සහ විමල් වීරවංශ යන මහත්වරුන් දෙදෙනාගේ හඬපටවල් දෙකක් , දයාසිරි ජයසේකර මහත්තයාගේ හඬපටයක් පාර්ලිමේන්තුවට සභාගත කලා. ඇයි ඉතින් ඒව සමාජගත නොකරන්නෙ.

ඒ වගේ තියෙන දේවල් මට කියන්න බෑ. මම පොඞ්ඩක් කියන්නම්.

අපේ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගෙ හඬපටයක තියෙනවා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ගැන. මැතිවරණ කාලෙදි මුල්කිරිගල කරපු බරපතළ සිදුවීමක් ගැන. ඇයි ඉතින් ඒව සමාජගත නොකරන්නේ.

විමල් වීරවංශ මහත්තයගෙ නෝනගෙ හඬපට. ඕව කොහොමටත් දැන් නම් එළියට දාන්නෙ නෑ. සමහරු උදේ හවා දෙයියන්ට කියනවලු ඔය හඬපට කවදාවත් එළියට දාන්න අවස්ථාවක් දෙන්න එපා කියලා.

කතානායකතුමාට දෙවියොද දන්නෙ නෑ හඬපට සභාගත නොකරන්න බලපෑම් කරන්න ඇත්තෙ. ඔය හඬපට හත සභාගත කරලා පක්ෂ නායකයො අහල සභාගත කරන්න කීවම ඒකට විරුද්ධ වුණේ කතානායකුමාය.

කාගෙ හඬපටවල් තිබුණත් මගේ නෑ කියල අගමැති මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවෙදි අභියෝග කළා. ඒ අභියෝගයට තමයි මහින්ද මහත්තයගෙ හඬපට දෙකක් දැම්මේ. මේව ගැන සොයන්න ජනාධිපති කොමිෂන් දානව කීවා. මම අභියෝග කළා දාන්න කියලා. දැන් නෑ. කවදාවත් කොමිෂන් දාන්නෙ නෑ. මට හැම තැනකින්ම තොරතුරු දෙන්න ඉන්ෆෝමන්ස්ලා ඉන්නවා..

ටුනිවුස්

මෙය ඔබේ මිතුරන්ට බලන්න Share කරන්න

512 total views, 1 views today