අවිශ්කගෙන් හා දිමුත්ගෙන් දක්ශ ඉනිම් වනිදු හසරන්ග වේගවත් ඉනිමකින් තනිවම ලකුණු 290 හඹාගොස් ශ්‍රී ලංකාවට ජයගනී

ශ්‍රී ලංකාව හා කොදෙව්වන් අතර පලමු එක්දින තරගය අද පැවැත්වුනු අතර එහිදී පලමුවෙන්ම පන්දුවට පහරදුන් කොදෙව්වන් පන්දුවාර 50 ට ලකුණු 289 ක් රැස්කරන්නට සමත්විය. කොදෙව් පිල වෙනුවෙන් ශයි හෝප් ලකුණු 115 ක් රැස්කරන්නට සමත් වුහ.

රොස්ටන් චේස් ලකුණු 41 ක් රැස්කලහ. ශ්‍රී ලංකාව වෙනුවෙන් පන්දුයැවීමේදී ඉසුරු උදාන කඩුලු 3 ක් දවාගන්නට සමත් කම් දැක්වුහ.

ලකුණු 290 හඹාගිය ශ්‍රී ලංකා කණ්ඩායමේ පලමු කඩුල්ලට ලකුණු 111 ක් එක්කරමින් නායක දිමුත් හා අවිශ්ක සුපිරි ආරම්බයක් ලබාදෙන්නට සමත්විය. අවිශ්ක ලකුණු 50 ක්ද දිමුත් ලකුණු 52 ක්ද රැස්කලහ.

කුසල් පෙරේරා ලකුණු 42 ක් රැස්කල අතර ශ්‍රී ලංකා මැදපෙල ආරම්බයන් ලබාගත්තත් ලොකු ලකුණු ගණන් ලබාගන්නට අසමත්විය.

තිසර ලකුණු 32 ක් රැස්කල අතර , තිසර හා කුසල් පෙරේරාගේ දැවීයාම් වලින් පසුව 22 හැවිරිදි වනිදු හසරන්ග හතරේ පහර 4 ක් හා එක් හයේ පහරක් සමගින් අනගි ඉනිමක් ක්‍රීඩා කරමින් තරගයේ වීරයාද වෙමින් තනිවම ශ්‍රී ලංකාවට තියුණු ජයක් ගෙන ඒමටගනී සමත් විය.

784 total views, 5 views today