Wedding Pre-Shoot කරන්න ගිය යුවලක් සේරඇල්ලට ඇද වැටෙයි.. තරුණයා අතුරුදන්

මාතලේ, ලග්ගල සේර ඇල්ලට වැටී තරුණයෙකු අතුරුදන් වී තිබේ.

එලෙස අතුරුදන්ව ඇත්තේ, ලබන මස විවාහ වීමට නියමිතව තිබූ කුරුණෑගල පදිංචි 27 හැවිරිදි තරුණයෙක් බව වාර්තා වේ.

ඔහු සිය අනාගත මනාලිය සමග සිදු කළ පෙර රූගත කිරීමකදී මෙම අනතුරට මුහුණ පා ඇත.

අදාළ තරුණිය ද සේර ඇල්ලට වැටී ඇති අතර පොලීසිය පැවසුවේ ඇයව බේරාගෙන ඇති බවයි.

-Nethgossip

මෙය ඔබේ මිතුරන්ට බලන්න Share කරන්න

181 total views, 2 views today