වනිඳුට හා කුසල්ට සතිකිහිපයකට ක්‍රිකට් නවතියි..

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවති අවසන් T20 තරගාවලියේ දී ආබාධයට ලක්වීමට කුසල් ජනිත් හා වනිඳු හසරංග යන ක්‍රීඩකයින් දෙපලට සිදු විය.

මේ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ වනිඳු හට එළඹෙන තරඟ සංචාර කිහිපයක් ක්‍රීඩා කිරීමට නොහැකි වන බවයි.

හසරංග හට MRI පරීක්ෂණයක් සිදු කර ඇති අතර එහි වාර්තා එළබෙන අඟහරුවාදා ලැබීමට නියමිතව ඇත.

මේ අතර ශ්‍රී ලනකා ඉනිමේ පළමු පන්දු වාරයේ පළමු පන්දුවෙන්ම ආබාධයට ලක් වූ කුසල් ජනිත් තවත් සති දෙකක පමණ කාලයක් ක්‍රීඩාවෙන් විවේක ගනු ඇති බවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කලේය.

මව්බිම
මෙය ඔබේ මිතුරන්ට බලන්න Share කරන්න

 

234 total views, 1 views today