විරාට් කෝලිට ලක්ෂ 30ක දඩයක් පනවයි.!

රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමේ නායක විරාට් කෝලිට දඩයක් පනවා තිබෙනවා.

ඒ, පෙරේදා දින (24) කිංග්ස් ඉලවන් පන්ජාබ් කණ්ඩායම සමග පැවැති තරගයේ දී බැංගලෝර් කණ්ඩායම නියමිත කාලයට පන්දුවාර 20 යවා නිම නොකිරීම හේතුවෙන්.

ඔවුන් පන්දු වාර 20 යැවීම සදහා පැය 1 මිනිත්තු 51ක කාලයක් වැය කර තිබු නිසාය.

මෙය ඔවුන්ගේ කණ්ඩායම මෙවර තරග වාරයේ දී එම වරද සිදු කළ පලමු අවස්ථාවද මෙය වේ.

ඒ අනුව IPL විනය නීති සංග්‍රහය උල්ලංඝනය කිරීම හේතුවෙන් කණ්ඩායමේ නායක විරාට් කෝලිට ඉන්දීය රුපියල් ලක්ෂ 12ක (ශ්‍රී ලංකා මුදලින් රුපියල් ලක්ෂ 30ක) දඩ මුදලක් පැනවූ බවයි IPL තරගාවලි සංවිධායකයින් නිවේදනය කළේ.

මෙය ඔබේ මිතුරන්ට බලන්න Share කරන්න..

 

183 total views, 100 views today