මුඛ ආවරණ නොපළඳින අයට අද සිට වැඩ වරදියි..!

ප‍්‍රසිද්ධ ස්ථානවල මුඛ ආවරණ නොපළඳින පුද්ගලයින් අද (28) දින සිට 14 ක් ස්වයං නිරෝධායනයට යොමු කිරීමට කටයුතු කරන බව පොලීසිය පවසනවා.

බොහෝ පිරිස් ප‍්‍රසිද්ධ ස්ථානවලදී මුඛ ආවරණ නොපළඳින බවට පොලිස් ස්ථාන වෙත පැමිණිලි ලැබී ඇති බවයි පොලීසිය පැවසුවෝය.

මේ සම්බන්ධයෙන් විශේෂ මෙහෙයුම් ද කි‍්‍රයාත්මක කිරීමට කටයුතු කරන බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න සඳහන් කළේය.

ඉකුත් 26 වැනිදා බස්නාහිර පළාත් තුළ පමණක් පුද්ගලයින් 19,000 කට අධික පිරිසක් පරීක්ෂා කර ඇති අතර එහිදී අනාවරණ වී ඇත්තේ පුද්ගලයින් 6,700 කට අධික සංඛ්‍යාවක් මුඛ ආවරණ පැළඳ නොසිටි බවත්ය.

-nethnews

මෙය ඔබේ මිතුරන්ට බලන්න Share කරන්න

232 total views, 3 views today