මංතීරු නීතිය ඉතා හොඳයි! තද-නීති-රිති රටකට ඕනා – ෆොන්සේකා කියයි

මංතීරු-නීති ඉතා හොද බව සමගි ජනබලවේග පාර්ලිමෙන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා විසින් සඳහන් කරනවා.

ඔහු මේ බව පැවුසවේ මාධ්‍යට අදහස් දක්වමින්ය.

”මං තීරු-නීතිය ඉතා හොදයි.මගේ වාහනේ රියදුරාත් අලුත්කෙනෙක් ඔහුට මම මේ දවස් වල කරන්නේ මං තීරු-නීතිය උගන්වන එක.අනිවාර්යයෙන් මේ රටේ ජනතාවගේ මෙන්ම වාහන වල ආරක්ෂාවට එය පිළිපැදිය යුතු කරුණක්.ඒවා නැති නිසා තමයි හුගාක් රථවාහන අනතුරු වෙන්නේ. අපි දකිනවා පාර පනින්න යද්දි අහිංසක ජනතාව පවා ජීවිතක්ෂයට පත්වෙනවා.ඒ-නීති රිති තද කරන එකට අපි ආණ්ඩුවට සම්පූර්ණ සහයෝගය දෙනවා.නීතිය තියන රටක් තමයි අපිටත් ඕන, යනුවෙන් සඳහන් කළේය.

-nethgossip lk

මෙය ඔබේ මිතුරන්ට බලන්න Share කරන්න..

6,727 total views, 2 views today