රෝග 200 හඳුනාගත හැකි වෛද්‍ය සහායක රොබෝ යන්ත්‍රයක් ලංකාවේ නිපදවයි..!

කොළඹ ආනන්ද විද්‍යාලයේ ආදි සිසුවකුවන පමුදිත ප්‍රේමචන්ද්‍ර විසින් නිපද වූ වෛද්‍ය සහායක රොබෝ යන්ත්‍රයක් අද (29) දින අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට පිළිගන්වා තිබෙනවා.

මෙම රොබෝ යන්ත්‍රයේ විශේෂත්වය වන්නේ ලෙඩ රෝග 200 ක් හඳුනා ගැනීමට සහ ඒ පිළිබඳ වෛද්‍ය උපදෙස් ලබාදීමට හැකියාව පැවතීමයි.

සිංහල හා ඉංග්‍රීසි යන භාෂා 2න්ම ප්‍රතිචාර දැක්වීමේ හැකියාව මෙම රොබෝ යන්ත්‍රය සතුයි.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සිය Twitter ගිනුමේ මේ පිළිබඳ පණිවුඩයක් සටහන් කර තිබෙනවා.

අගමැතිවරයා එහි සඳහන් කර ඇත්තේ පවතින තත්ත්වය මත මෙම රොබෝ යන්ත්‍රය තවදුරටත් වැඩි දියුණු කර සෞඛ්‍ය කාර්ය මණ්ඩලවල සහායට යොදවන ලෙසයි.

A locally manufactured robot machine (Nextbots) was presented to me today by Pamuditha Premachandra, a past pupil of Colombo Ananda College.

This robot has the ability to diagnose 200 diseases and provide medical advise, as an assistant to health care professionals. Therefore, I have instructed to support the development of this innovation, for it to be used during this epidemic.

මෙය ඔබේ මිතුරන්ට බලන්න Share කරන්න

286 total views, 1 views today