පත් කර සිටින ආයතන සභාපතින්, අධ්‍යක්ෂවරුන් ඉවත් කිරීම බෑ..! – ඇමතිවරුන්ට ජනපතිගෙන් නියෝගයක්

ජනාධිපති ගෝටාභය රාජපක්‍ෂ මහතා විසින් ඊයේ දිනයේ දිවුරුම් දුන් සියළු ඇමතිවරුන්ට විශේෂ නියෝගයක් නිකුත් කර ඇති බව වාර්තා වේ.

එ මගින් දන්වා ඇත්තේ දැනට රජයේ ආයතන සදහා පත් කර ඇති සභාපතිවරුන් ඇතුළු අධ්‍යක්‍ෂ මණ්ඩල සාමාජිකයන් තම අනුමැතියෙන් තොරව වෙනස් නොකරන ලෙසටයි.

අදාල පත් කිරීම් සිදු කරන්රනේ ඒ සදහා පත් කරන ලද විශේෂ කමිටුවකින් යයි ද වැඩිදුරටත් දන්වා ඇත.

ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා විසින් මෙම නියෝගය සියළු ඇමතිවරුන් වෙත යවා ඇත.

-aperata net උපුටා ගන්නා ලදි..

මෙය ඔබේ මිතුරන්ට බලන්න Share කරන්න

351 total views, 1 views today