ලකා හලපු සිකා අලුත් නමකින් එයි – ඇත්තටම ලකයි සිකයි වෙන්වෙලා..!

ලකයි සිකයි කිව්වම අද රටේ නොදන්න කෙනෙක් නැති තරම්. youtube හරහා අතිශය ජනප්‍රිය උනු ලකයි සිකයි වෙළද දැන්වීම්, රූපවාහිනී නාලිකා මෙන්ම ගුවන්විදුලි නාලිකා හරහා පසුගිය කාලය පුරාවටම දැක ගන්න පුලුවන් වුනා.

හැබැයි පසුගිය අවුරුදු දවසෙ ලකාගෙයි සිකාගෙයි ප්‍රේක්ෂකයන්ට හිතාගන්න බැරි සිදුවීමක් සිදු උනා.ඒ කවුරුවත් හිතපු නැති විදියට ලකයි සිකයි යූටියුබ් නාලිකාවෙන් සිකාගෙ රූපෙ ගැලවිලා ඒ වෙනුවට අලුත් කෙනෙක් කරලියට ඇවිල්ල. සමහරු හිතුවෙ මේක ලකයි සිකයිගෙ මාකර්ටින් වැඩක් කියල. මොකද ලකයි සිකයි කියන්නෙ පට්ට යාලුවො නිසා.

මේ හින්දම ෆේස්බුක් එකේ මේ සිද්ධියත් එක්ක ලකයි සිකයිගෙ ප්‍රේක්ෂකයො මේ ගැන හොයන්න ගත්ත. බලපුවම කතාව ඇත්ත.ලකයි සිකයි යූටියුබ් නාලිකාවෙ අයිතිකාරු ඒ කියන්නෙ ලක්මාල් එහෙමත් නැත්තන් ලකා සිකාව හලල. ඒ වෙනුවට අලුත් කෙනෙකුත් අරන්. ඒ කතාව අස්සෙ කාරණා ගොඩක් තියෙනව ඇති.

මේවෙනකොට වෙන්න තියෙන ඔක්කොම වෙලා. ඇත්තටම ලකයි සිකයි වෙන්වෙලා.

හැබැයි මෙච්චර දවසක් කටවහගෙන හිටපු සිකා අද කට ඇරිය.

උනු දේවල් ඉස්සරහට කරන දේවල් කියන්න. සිකා පහුගිය දේවල් අමතකකරල අලුත් චැනල් එකකින් එන්න තීරණය කරල. එම Youtube channel එකේ නම Sikamai – සිකාමයි.. ඔහුගේ මේ සිදුවීම ගැන Video එකක් පල කර ඇත.

අප හිනැස්සු ඔබලා දෙන්නම ඉන්නවට තමයි අපි කැමති. ඒත් මොනවා කරන්නද සුභ පතනවා දුගු ගමනක් යන්න..  ඔබට ජය

-අපේරට

මෙය ඔබේ මිතුරන්ට බලන්න Share කරන්න

7,624 total views, 8 views today