කුවේට් වලින් පැමිණි 120කට කොවිඩ්..

ක්වේට් සිට මෙරටට පැමිණි ලාංකිකයන් අතරින් 113දෙනකුට කොවිඩ් වැලඳීමත් සමග මැද පෙරදිග කලාපයෙන් මෙරටට ශ්‍රී ලාංකිකයන් රැගෙන ඒම තාවකාලිකව අත්හිටවූ බව ජනාධිපති විදේශ කටයුතු අතිරේක ලේකම් අද්මිරාල් ජයනාත් කොළඹගේ අපට පැවසීය.

මේ අනුව අද (26) කටාර් රා​ජ්‍යයේ සිට රැගෙන ඒමට සිටි ශ්‍රී ලාංකිකයන් 275ක් මෙරටට රැගෙන ඒම තාවකාලිකව අත්හිට වූ බව ද සඳහන් කළේය.

රටවල් විස්සකින් මේ වන විට 5485 දෙනකු රැගෙන ආ බවත් කුවේට්හි සිට රැගෙන ආ 462 දෙනාගෙන් 120 ක්ම කොවිඩ් ආසාදිතයන් වූ බවත් හෙමෙ පැවසීය. ඩුබායි සිට රැගෙන ආ 19 දෙනකුත් කොවිඩ් ආසාදිතයන් වූ බවත් අනෙක් රටවල් 18න්ම පැමිණි පුද්ගලන්ගෙන් හමුවූයේ ආසාදිතයන් පස් දෙනකු බවත් හෙතෙම පෙන්වා දුන්නේය.

බලාපොරොත්තු නොවූ පරිදි එක්වරම රෝගීන් වැඩිවීම නිසා සෞඛ්‍ය පහසුකම් ඇතුළු කටයුතු කළමනාකරණය කරන ​ තෙක් මැද පරෙදිග කලාපයෙන් මගීන් රැගෙන ඒම තාවකාලිකව නවතා දැමූ බවත් බෙලරුස්හි සිටින අධ්‍යාපන කටයුතු සඳහා ගිය ලාංකික සිසුන් පමණක් රැගෙන එන බවත් හෙතෙම පෙන්වා දුන්නේය.

මේ වනතුරුත් රටවල් ගණනකින් සිසුන් රැගෙන ආවද එකම සිසුවෙකුවත් කොවිඩ් ආසාදනය ​නොවූ බව අද්මිරාල් ජයනාත් කොළඹගේ මහතා පෙන්වා දුන්නේය.

තිස්ස රවීන්ද්‍ර පෙරේරා, නයන තරංග ගමගේ – Aruna

මෙය ඔබේ මිතුරන්ට බලන්න Share කරන්න

498 total views, 2 views today