මිනුවන්ගොඩ පොකුරට වැළඳුණේ අලුත්ම වයිරසයක්ද?

මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කොරෝනා පොකුරත් සමග ඇති වූ අලුත් රැල්ලේ වෛරසය මීට පෙර මෙරටින් වාර්තා වූ වයිරසය ද නැතහොත් වෙනත් වයිරසයක් ද යන්න සොයා බැලීමේ විද්‍යාත්මක පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

මෙවර වෛරසය ඉතාමත් වේගයෙන් පැතිර යන භයානක වයිරසයක් බව පෙනී යන බවත්,

ඒ පිළිබඳ පරීක්ෂණ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට භාරදී ඇති බවත් යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවා.

මේ අනුව කන්දකාඩු මිනුවන්ගොඩ, පොකුරු මෙන්ම පෑලියගොඩින් හමු වූ ආසාදිතයන්ගේවෛරසය සම්බන්ධව ද විද්‍යාත්මක පරීක්ෂණ සිදු කෙරෙනවා.

සීදූවේ තරුපහේ හෝටලයකට පසුගිය සැප්තැම්බර් 11 වැනිදා ස්වයං නිරෝධායනයට නැවතුණු යුක්රේන් ගුවන් යානයක කාර්ය මණ්ඩලයකින් බ්‍රැන්ඩික්ස් පොකුරේ වයිරසය පැතිර ගිය බවට බුද්ධි අංශ විසින් වාර්තා කර තිබුණා.

එය සියයට අසූවක් පමණ නිවැරදි බවත්,

තවත් පැතිකඩ ඔස්සේ එය තහවුරු කිරීමට පරීක්ෂණ පවතින බවත් යුද හමුදාපතිවරයා සඳහන් කළා.

ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පරීක්ෂණයේදී මේ සම්බන්ධවද අවධානය යොමු කර තිබෙනවා.

තුර්කියේ සිට පැමිණි යුක්රේන් ගුවන් කාර්ය මණ්ඩලයේ සාමාජිකයාට සැප්තැම්බර් 13 වැනිදා කොවිඩ් ආසාදනය වී තිබියදී හෝටල් කාර්ය මණ්ඩලයේ දහඅට දෙනකු නිවෙස්වලට සිට දිනපතා රැකියාවන්ට පැමිණ තිබෙන බවද බුද්ධි අංශ හෙළිකරගෙන තිබුණා.

මෙම හෝටලයේ සේවකයන් පස්දෙනකු කොරෝනා ආසාදිතයන්ලෙස පසුව වාර්තා වූ අතර එම පිරිස යොදා ප්‍රවාහන සේවා භාවිත කිරීම එමගින් වෛරසය බ්‍රැන්ඩික්ස් සේවිකාවන්ට පැතිර ඇති බවට දැනට තොරතුරු අනාවරණය වී තිබෙනවා.

-colombotimes

මෙය ඔබේ මිතුරන්ට බලන්න Share කරන්න..

192 total views, 2 views today