ඉන්දීය පිතිකරණ සියලු සැලසුම් සීසීකඩ විසුරුවා යැවූ බංග්ලාදේශ යොවුන් පන්දු යවන්නෝ

ප්‍රතිවාදීන්ගේ සියලු සැලසුම් සීසීකඩ විසුරුවා යැවූ බංග්ලාදේශ යොවුන් පන්දු යවන්නෝ දකුණු අප්‍රිකාවේ පොචෙස්ට්‍රෝම් නුවරදී ඊයේ (09) පැවැත්වෙන යොවුන් ලෝක කුසලාන අවසන් මහා තරගයේදී ඉන්දීය යොවුන් පිලේ ඉනිම ලකුණු 177 කට සීමා කළහ. ඉන්දීය යොවුන් කණ්ඩායම ලෝක කුසලාන තරගාවලියක අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත් හත්වැනි අවස්ථාව මෙය වූවත් බංග්ලාදේශය යොවුන් ලෝක කුසලාන තරගාවලියක අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගත් එකම අවස්ථාව මෙයයි.

ආරම්භයේදී තරමක් මන්දගාමී වූ නමුත් 39 වැනි ඕවරයේදී ලකුණු 150 සීමාව පසුකරන විට ඉන්දියානුවන් අත කඩුලු 7 ක් තිබිණ. එහෙත් ඉන්දීය පිලේ අවසන් කඩුලු හතම ලකුණු 21 ක් තුළදී බිම දැමූ බංග්ලාදේශ යොවුන් ක්‍රීඩකයෝ බලාපොරොත්තු රහිත ලොවක ඉන්දියානුවන් අතරමං කළහ.කාසියේ වාසිය දිනාගත් බංග්ලාදේශ නායක අක්බර් අලී පළමුවෙන් පන්දු යැවීම තෝරා ගත්තේය. පෙරේදා රාත්‍රියේ වැස්ස ටිකක් තිබුණා.. ඒ නිසා අපි වේග පන්දු යවන්නන් තුන් දෙනෙක් එක්ක තරගයට එනවා. අපි හිතනවා මේ තත්ත්වයෙන් අපට ප්‍රයෝජන ගන්න පුළුවන් කියලා” යයිද කාසියේ වාසිය දිනාගැනීමෙන් අනතුරුව අක්බර් අලී පැවසීය.බංග්ලාදේශ වේග පන්දු යවන්නන් හමුවේ ඉතාමත් ප්‍රවේසම් වූ ඉන්දීය ආරම්භක පිතිකරුවන් දෙදෙනාම පළමු ඕවර 5 දී ලබාගත්තේ ලකුණු 7 ක් පමණි.

100 වැනි ලකුණ පුවරුවට එක්වන විට ඉන්දීය යොවුන් පිතිකරුවෝ පන්දු 170 කට මුහුණ දී සිටියහ.කඩුලු ආරක්‍ෂා කරගැනීමේ උපක්‍රමයක් අනුගමනය කළද 30 වැනි ඕවරය ආසන්න වෙත්ම ලකුණු වේගය මඳ බව වටහාගත් ඔව්හු එතැන් සිට 150 වැනි ලකුණ ලබාගැනීම සඳහා මුහුණ දුන්නේ පන්දු 58 කට පමණි. මේ අතරවාරයේදී තිලක් වර්මා සහ ප්‍රියාම් ගාර්ග් දැවී ගියත් ආරම්භක පිතිකරු යයස්වී ජායිස්වාල් සිය කඩුල්ල රැකගෙන සිටියේය.ඉන්දීය ඉනිමෙ විනශය ආරම්භ වූයේ ෂොරිෆුල් ඉස්ලාම්ගේ පන්දුවක් හමුවේ ටැන්සිඞ් හසන්ට උඩපන්දුවක් දෙමින් යසස්වී ජයිස්වාල් දැවී යාමෙනි.

පන්දු 121 කට මුහුණ දෙමින් හතරේ පහර 8 ක් සහ හයේ පහරක්ද සමගින් ලකුණු 88 ක් ලබා සිටි ජයිස්වාල්ගේ දැවී යාමත් ඉන්දීය ඉනිමේ නිමාවත් අතර තිබුණේ ඕවර 7.2 ක් හෙවත් පන්දු 45 ක් පමණි. ඒ අතරවාරයේදී ඉන්දීය ඉනිමට එක්වූයේ ලකුණු 21 කි.ඉන්දීය පිලේ පළමු කඩුල්ල ලකුණු 9 දී දැවී ගියේය. එහෙත් යශස්වී සමග එක්වූ අංක 3 පිතිකරු තිලක් වර්මා ලකුණු සංඛ්‍යාව 103 දක්වා ඉහළ දැමීය.වර්මා පන්දුවට පහර දීමට පැමිණි විගසම ලකුණක් ලබාගැනීමට ගත් උත්සාහයේ දී මිඞ් ඕන්හි සිටි ක්‍රීඩකයා කඩුල්ලට පන්දුව දමාගැසීය. එහෙත් එය වැදුණේ කඩුල්ලේ නොව දිව යමින් සිටි පිතිකරුවාගේ පා ආවරණයට ඉහළිනි. පන්දුව වැදීමෙන් වේදනාවට පත් වර්මා බිම ඇද වැටුණ නමුත් පසුව වේදනානාශක ප්‍රතිකාර ලබා තරගයට අවතීර්ණ විය.

දෙවැනි කඩුල්ල වෙනුවෙන් පැවැති ලකුණු 94ක සම්බන්ධතාව නිසා ඉන්දීය ඉනිම පිළිසකර වූවත් පසුපෙළ පිතිකරුවන්ගේ කලබලකාරී පිතිහරඹය හේතුවෙන් අවසන් කඩුලු හතම ලකුණු 21 ක් තුළදී ඇද වැටිණ.බංග්ලාදේශ යොවුන් පිලේ පුහුණුකරුවා වශයෙන් ශ්‍රී ලංකා පිලේ හිටපු ක්‍රීඩකයකු වන නවීඞ් නවාස් මහතා කටයුතු කරයි. අවසන් මහ තරගයේ තීරකවරයා ලෙසින් කටයුතු කරන්නේ ශ්‍රී ලංකා පිලේ හිටපු ටෙස්ට් ක්‍රීඩකයකු වන ග්‍රැහැම් ලැබ්රෝයි මහතාය.

ඉන්දීය යොවුන් පිල – ඕවර 47.2 කදී සියලු දෙනා දැවී 177

බංගලිදේශ යොවුන් පිලේ පිතිර්කරන ඉනිමේ 41 එක වෙනි පන්දුවාරය වන විට වර්ෂාව සදහා තරගය නතර කෙරින එම අවස්ථාවේ තරගය නතර වූවානම් ඩක්වට සහා ලුවිස් නියයට අනුව බංගලි යොවුන් පිල ලකුණු 18ක් ඉදිරියෙන් තරග ජයග්‍රහණය දැනටමත් අත්පත් කර ඇත

වර්ශාව න පසු 170 ක් ඉලකක්යක් පන්දු 30කදී ලබා දෙනු ලැබුවා ඒවනවිට බංගලි කන්දායාම ලකුණු 163ක් ලබා සිටි නිසා තවත් ලකුණු අවශ්‍ය වුයේ 7ක් පමණයි

මේ ශ්‍රී ලංකික පුහුණු කරු නවීඩ් නවාස් මහතාගේ මහන්සියක ප්‍රතිපලයකි, නායක යොවුන් අක්බර් අලිගේ නොදැවුණු ලකුණු 41 බංගලි කණ්ඩායම ජයග්‍රහණය සදහා බොහෝ සෙයින් ඉවහල් විය

Final, ICC Under-19 World Cup at Potchefstroom, Feb 9 2020
India Under-19s

177
Bangladesh Under-19s
170/7 (42.1/46 ov, target 170)
B’desh U19 won by 3 wickets (with 23 balls remaining) (D/L method)

533 total views, 1 views today