අවුරුදු 20ක පෙනුමැති සැබැවින් අවුරුදු 50 ක් වන මිනිසා ගන්නා අහාර ගැන හා ඔහු ගැන විස්තරයක්..

වෟත්තියෙන් චායාරූප ශිල්පියකු වන සින්ගපූර් ජාතික චුඅන්ඩො ටෑන් මේ දින වල ලෝකයේ බොහෝ දෙනා කතා කරන චරිතයක් බවට පත්ව ඇත. මෙයට හේතුව වී ඇත්තේ ඔහු වයස 51ක පුද්ගලයකු වුවත් ඔහුගේ පෙනුම අවුරුදු 20ක තරම් වීම නිසාය. අද අප කථා කරන්නේ ඔහුගේ තරුණ පෙනුම රැක ගැනීමෙ රහස් පිළිබදවය.

පහත ඇත්තේ ඔහුගේ චායාරූප සහ ඔහු තරුණ පෙනුම රැක ගන්නා ආකාරය විස්තර කෙරෙන ලිපියකි.

1 චුඅන්ඩො ටෑන් පිළිබද කෙටි විස්තරයක්

1967 සිගපූර්හීදී උපත ලැබූ ඔහු වེත්තියෙන් චායාරූප ශිල්පියෙකි. ඔහු 90 දශකයේ පොප් ගායකයකු ලෙසද කටයුතු කර ඇත. නමුත් ඔහු සෑම දවසකම පාහේ ව්‍යායම කටයුතු වල යෙදී ඇත.

2 ඔහු උදෑසන ආහාරයට බිත්තර 6ක් ආහාරයට ගනී

ඔහුට අනුව ආහාර ඔබ රෝගීද නිරෝගීද යන්න තීරණය කරයි. ආහාර ඔබේ පෙනුම සදහා 70% ක් පමණ බලපෑම් කරන අතර ඉතිරි 30% සදහා ව්‍යායාම් බලපාන බව ඔහුගේ අදහසයි. එම නිසා ඔහු උදෑසන ආහාරය සදහා හොදින් තම්බා ගත් බිත්තර 6ක් ආහාරයට ගන්නා අතර බිත්තර 2ක් පමණක් කහා මදය සමග ආහාඅරයට ගනු ලබයි. මීට අමතරව ඔහු කිරි, බෙරි සහ අලිගැටපේර ද උදෑසන ආහාරයට එකතු කර ගනු ලැබේ. ඔහු සිගරට් සහ මත් පැන් පානය නොකරන අතර කොෆි සහ තේ පානයද නොකරයි.

3 සෑම දවසකම මිනිත්තු 90ක් ව්‍යායාම වල යෙදේ

ඔහු සතියට 4 වරක් බර උස්සන ව්‍යායාම වල නිරත වන අතර, 3 වරක් පමණ අනෙකුත් ව්‍යායාම වල නිරත වේ. ඔහු පවසන අන්දමට ඔහු වැඩි අවධානයක් යොමු කරන්නේ කාර්ඩියෝ ව්‍යායාම සදහාය. ඔහු සෑම දිනකම පිහිණුම් කටයුතු වලද නිරත වේ.

4 ඔහු කරන්නේ ඔහු ආශා කරන දේ පමණි

ඔහු පවසන ආඅකාරයට ඔහු රැකියා විශාල ප්‍රමාණයක් කළ අතර එම කිසිදු රැකියාවකින් ඔහු ත්ෘප්තිමත් බාවයට පත්වී නැත. පසු ඔහු වැඩියෙන්ම ආසා කළ චායාරූප ශිල්පයට යොමු වී ඇත. ඔහු පවසන්නේ තමන් කැමති දේ කිරීමෙන් ඔබ මානසික වශයෙන් නිදහස් පුද්ගලයකු වන බවයි.

5 ඔහු රූපලාවන්‍ය දේවල් භාවිතයට ගන්නේ නැත

ටැන් පවසන්නේ සමහර පිරිස් ඔහුව විශ්වාස නොකරන බවත් ඔවුන් සිතන්නේ තමන් ප්ලාස්ටික් සැත්කමක් මගින් මෙවැනි තරුණ පෙනුමක් ලබා ගෙන ඇති බවත්ය. නමුත් ඔහු පවසන්නේ ඔහු කිසිදු රූපලාවන්ය ද්‍රව්‍යක් භාවිතා නොකරන බවයි.

6 ඔහු රාත්‍රී කාලයේදී ස්නානය නොකරයි

ඔහු සෑම දිනකම රාත්‍රී 11ට පෙර නින්දට යන අතර පසුදා උදෑසනම අවධි වේ. ඔහු රාත්‍රී කාලයේදී ව්‍යාවම කිරීම හෝ ස්නානය කිරීම සිදු කරන්නේ නැත. ඔහු පවසන අන්දමට රත්‍රියේදී ස්නානය කිරීම වැරදි සෞඛය පුරුද්දක් වේ. තවද ඔහු නිදා ගැනීමට පැට 5-6 කට පෙර රාත්‍රී ආහාරය ගැනීම සිදු කරයි.

-eonline

මෙය ඔබේ මිතුරන්ට බලන්න Share කරන්න..

17,682 total views, 3 views today