‘බැක් සයිඩ්-ෆ‍්‍රන්ට් සයිඩ්’ ගැන හිරුණිකා කතාකරයි.. රන්ජන් මගේ අංකල් වගේ..

පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා තමන්ගේ අන්කල් කෙනෙක් වගේ.. අපේ තාත්තට වඩා අවුරුදු 10ක් විතර බාල පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය අපත් සමග කීවාය.

තමන් විසින් පවසන ලද ‘ බැක් සයිඩ් – ෆ‍්‍රන්ට් සයිට් ’ කතාෙවන් අදහස් කරන ලද දේ කිසිවෙකුටත් නොතේරුන බවද ඇය පැවසුවාය. අන්තර්ජාල නාළිකාවක් සමඟ අදහස් පලකරමින් ඇය මෙසේ සඳහන් කර ඇත.

තමන්ගේ ‘ බැක් සයිඩ් – ෆ‍්‍රන්ට් සයිඩ් ’ දෙකම දෙන්නේ තම ස්වාමි පුරුෂයාට පමණක් බව ඇය පාර්ලිමේන්තුවේදී කරන ලද ප‍්‍රකාශය ඉමහත් ආන්දෝලනයකට තුඩු දුන්නේ ය.

ඇයගේ හඩපට යම් සංස්කරණයක් කර ඇති බව අප වෙත පැවසුවාය. පාර්ලිමේන්තුවේ පිරිමි ඉන්නේ ෆැන්ටසියක බවත් එවැනි පිරිමින්ට තදින් වචනයෙන්ම පිළිතුරු දුන්නු බවත් පැවසුවාය.

මගේ දේශපාලන නායකයා රනිල් වත් සජිත් වත් නොවන බව පැවසුවාය.

රංජන් රාමනායක මන්ත්‍රීවරයා සමඟ සිදුකරන ලද දුරකථන සංවාද හෙලිදරව්වීමෙන් පසුව ඇය විසින් පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කරන අතරතුර එම ප‍්‍රකාෂය ද කරන ලදි.

අරුණ

 

15,510 total views, 1 views today