මීලඟ අවුරුදු ගණනාවම ජනාධිපතිතුමාට ඉන්න වෙන්නේ අගමැතිතුමාට වැඳගෙන

ඊයේ දිනයේ ලබාදුන් අමාත්‍ය මණ්ඩල පත්වීම සම්බන්ධයෙන් ගැටළු කිහිපයක් මතුව තිබෙන බව සමගි ජනබල වේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර අපේක්ෂක හරීන් ප්‍රනාන්දු සඳහන් කර සිටිනවා.

ඔහු ඒ පිලිබඳ සඳහන් කලේ අද සමගි ජන බලවේග මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී.

තවදුරටත් මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ ඒ ඔහු මෙලෙස අදහස් පළ කළා.

“මේ 2/3 දෙද්දිම ලොකු ප්‍රශ්නයක් තිබෙනවා. ඒ තමයි 19 වන සංශෝධනය වෙනස් කරන එක”

ඒ එක්කම අපි ලස්සන දර්ශනයක් දැක්කා. ඒ තමයි ජනාධිපතිතුමා අගමැති අයියාට වැන්දා. ඒක හොඳයි.හැබැයි ප්‍රශ්නේ වෙන්නෙ අපි ඒකෙන් දැක්කේ මීලඟ අවුරුදු ගණනාවම ජනාධිපතිතුමාට ඉන්න වෙන්නේ අගමැතිතුමාට වැඳගෙන ඉන්න වෙන එක කියලා.

අනික මේ කවදා දැක්ක ඇමතිලාද ? පිත්තල ඇමති,මැටි ඇමති,අනේ විසිතුරු මාළු ඇමති මොන නින්දාවක්ද බලන්න? ඒ ඇමතිටත් මේක නින්දාවක්.

ඒ වගේම කලින් කිව්වේ කොහොමද හොදට හිතන්න පුලුවන් කැබිනට් එකක් ගේනවා තරුණ නායකත්වයක් ගේනවා කියලා. ඒත් කවුද මේ ඔක්කොමලා අවුරුදු 70ට වැඩි තරුණ අය ඔක්කොම වේවැල් ,මිරිස්කුඩු,හාල් ,පොල් තමයි දීලා තියෙන්නෙ.

රටේ මිනිස්සු විශාල බලාපොරොත්තුවකින් ඉන්න වෙලාවක ආයෙත් තමන්ගේ පවුලේ අයටම බලය ලබාදීම ගැන හරිම කණගාටුයි.

අපිනම් එයාලා වගේ සතුටුද දැන් කියල අහලා මෝඩ වෙන්නේ නෑ. මම කියන්නේ අපිටනම් දුකයි දැන්”.

මේ අතර අදහස් දැක්වූ SM මරික්කාර් මන්ත්‍රීවරයා,

“මේ ඇමති මණ්ඩලය පත් කිරිම ගැන මට තියෙන්නේ පුදුම සතුටක්. මොකද අපිව දාල ගියපු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අයට නියම වැඩක් දීලා තියෙන්නෙ. එක්කෙනෙක් කවුද බතික් ඇමති. මොකටද ඒ ඇමතිකම් මට නම් කියන්න තියේන්නේ ඕක දැන් ළමයෙකුට දෙන්න කියලා.

අනිත් එක බලන්න මේ යූඑන්පීයට වෙච්ච දේ. අඩුම තරමින් ජාතික ලැයිස්තුවවත් පත්කරගන්න විදිහක් නැතුව රණ්ඩු වෙනවා.

ඩී එස් සේනානායක මහත්තයා දන්නවනම් සාප කරනවා. යූඑන්පී ය කවදාවත් පාක්ෂිකයින් කියන දේ තේරුම් ගත්තේ නැහැ. ඒ නිසා ජාතික ජනබල වේගයට වඩා අඩු ජන්ද ප්‍රතිශතයක් ලබා ගත්තේ.

මේ අතර මාධ්‍යවේදීන් MCC ගිවිසුම පිලිබඳ නැගූ ප්‍රශ්නයට පිලිතුරු දෙමින් මරික්කාර් මන්ත්‍රීවරයා කියා සිටියේ 69 ලක්ෂයක් ජනතාවට පිටුපා රජය අනිවාර්යෙන්ම MCC ගිවිසුම අතසන් කරන බවයි.

-citizen

55 total views, 2 views today