කොරෝනාට වඩා ප්‍රබල මාරාන්තික වෛරසයක් චීනයෙන් හමුවේ – එක තැන කුකුළන් 4500 ක් මියයයි..!

කොරෝනා වෛරසය ආරම්භ වූ ප්‍රදේශයට ආසන්නයේ තවත් මාරාන්තික වෛරසයක් වාර්තා වී තිබෙනවා.

CGTN පුවත් සේවය වාර්තා කළේ ප්‍රදේශයේ කුකුල් ගොවිපළකින් හමුවූ එම වෛරසය H5N1 කුරුළු උණ ලෙස හඳුනාගෙන ඇති බවයි.   මෙම ගොවිපොළේ කුකුළන් 7,850 ක් ගෙන් 4,500 ක්ම මෙම වෛරසය හේතුවෙන් මියගොස් ඇති බව වාර්තාවේ සඳහන්.

වෛරසය වාර්තා වූ පසු එම ගොවිපලේ සිටි කුකුළන් 17,828 මරා දැමූ බව එරට කෘෂිකර්ම හා ප්‍රාදේශීය කටයුතු පිළිබඳ අමාත්‍යාංශය සඳහන් කළා.

ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව H5N1 නැමැති කුරුලු උණ සතුන්ගෙන් මිනිසාට වැළදුනත් එය මිනිසාගෙන් මිනිසාට වැලඳීමට ඇති සම්භාවිතාවය ඉතා අවමයි.

නමුත් එය වැළඳුණු පුද්ගලයන් මරණයට පත්වන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා .

පසුගිය වසරේදී එම වෛරසය චීනයේ වෙනත් ප්‍රදේශයකින් වාර්තා වූ අතර 2015 වසරේදී මේ වෛරසය වැළඳුණු පුද්ගලයෙක් මියගොස් තිබෙනවා.

CGTN / NHK / SCMP

4,020 total views, 1 views today