කරුණා අම්මාන් කල දේවලට සමාව දෙනවා..! – එස් බී දිසානායක

කොටි සංවිධානයේ නැගෙනහිර නායකයාව කටයුතු කල කරුණා අම්මාන් හෙවත් විනයාගමූර්ති මුරලිදරන් කොටි සංවිධානය පරාජය කිරීමට රජයට තීරණාත්මක සහයක් දැක් වූ රජයේ සාක්ෂිකරුවකු බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එස් බී දිසානායක මහතා සඳහන් කරයි.

එනිසා ඔහුට නීතිය ඉදිරියේ වුවද සමාවක් හිමි වන බවද දිසානායක මහතා සඳහන් කළේය.
කොටි සංවිධානය තීරණාත්මක ලෙස දෙකඩ කර එහි නායක ප්‍රභාකරන් තනිකර දැම්මෙ කරුණා අම්මාන් විසින් යයිද ඔහු සඳහන් කළේය.

කොටි සංවිධානය අතහැර කරුණා ශ්‍රී ලංකා රජයේ හමුදාවට එක්වී උතුරේ යුද්දය ජය ගැනිම සඳහා විශාල වශයෙන් සහය ලබා දුන් බවද හිටපු මන්ත්‍රීවරයා කියා සිටියේය.

හමුදා සාමාජිකයන් 2000ක පමණ පිරිසක් අලිමංකඩදී තමන් විසින් සිදුකරපු දේවල්බවට කරුණා අම්මාන් විසින් පසුගියදා අම්පාරේදී කළ ප්‍රකාශය ගැන මාධ්‍යවේදීන් කළ විමසීමකදී දිසානායක මහතා මේ අදහස් පළ කරන ලදී.

-aperata

මෙය ඔබේ මිතුරන්ට බලන්න Share කරන්න

199 total views, 3 views today