යුධ හමුදාව මැදිහත් වීම ගැන ජීනිවා වෙත පැමිණිලි කෙරේ..!

ශ්‍රී ලංකා හමුදාව විසින් ගෙනයන නිරෝදායන වැඩපිළිවෙළ විරුද්ධව පාර්ශව කිහිපයක් විසින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමට පැමිණිලි කර ඇතැයි වාර්තාවේ.

ඇතැම් රාජ්‍ය නොවන සංවිධාන (N.G.O) විසින් ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට දන්වා ඇත්තේ ආරක්ෂක අංශ ඊට සම්බන්ධ නොවිය යුතු බවය.

මෙය මිලිටරි පාලනයක මූලික අංග යැයි එම පැමිණිලිකරුවන් විසින් පෙන්වා දී තිබේ.

කෙසේ වෙතත් ලොව පුරා පැතිරී යන මෙම වසංගතය පාලනය සඳහා මේ වනවිට ඇමරිකානු සහ ස්විට්සර්ලන්ත හමුදා පවා සෘජුව මැදිහත්වී තිබේ.

චීනයද සිය රට තුල පාලනය සදහා හමුදා මැදිහත්වීම් උපරිම වශයෙන් යොදා ගත්තේය.

-Neth

53 total views, 1 views today