දින 40න් කොලොස්ට රෝල් සුව කරන සත්කාරයක්

අද වෙනකොට ලෝකයේ ජීවත් වෙන මිනිසුන්ගෙන් නිරෝගී කෙනෙක් හොයාගන්න අමාරුයි.මොකද හැමෝටම මොකක් හරි රෝගයක් ලෙඩක් තිබෙනවා.මේ අතරින් බොහෝදෙනෙක් මුහුණ දෙන තවත් ගැටළුවක් තමයි කොලෙස්ටරෝල් කියන්නේ.මේකට හේතුවක් තිබෙනවා ඇත්තටම මිනිසුන් ලෙඩ වලට බෙහෙත් ගන්නවා වගේම ආහාර පාන ගැනත් සැලකිලිමත් වෙනවනම් ලෙඩ රෝග රැසක් හොද කරගන්න තිබ්බා.ඉතින් අද අපි ඔබව දැනුවත් කරන්න යන්නේ කොලෙස්ටරෝල් සදහා ස්වභාවික වට්ටෝරුවක් හදාගන්න විවිද්‍යා ගැන .අද වන විට ලොව පුරා ජිවත් වන බොහෝ මිනිසුන්ට ජිවිතයේ යම් අවස්ථාවකට පැමිණි පසු හදවත් රෝග වැළදීමේ ලොකු අවධානමක් තිබෙනවා. මේ සදහා බොහෝ විට හේතු වන්නේ කොලොස්ටරෝල් වැනි තත්වයන්. මෙවන් අවස්ථාවන් වලදී ඔවුන්ට ජිවිතය පුරාම ඖෂධ මත යැපීමට සිදු වනවා. මෙය ඉතාම අවාසනාවන්ත තත්වයක්.

නමුත් අද අපි කියන සරල ස්වාභාවික ඖෂධය ඔබ අද සිටම පාරිබෝජනය කළොත් ඔබට කිසි දිනෙක කොලෙස්ටරෝල් රෝගය ඇති වන්නේ නෑ. දැනට කොලොස්ටරෝල් නිසා පිඩා විදින කෙනෙකුට උනත් දින 40ක් එක දිගට මේ බෙහෙත භාවිතා කිරීම මගින් එම තත්වය සම්පුර්ණයෙන් සුව කර ගන්න පුළුවන්.මේ සදහා අපි යොදා ගන්නේ ලෙමන් හා සුදුළුණු කියන ස්භාවධර්මය විසින් අපිට තිලින කරපු බලගතුම ආහාර වර්ග දෙකක්. ලෙමන් සුදුලුණු සංයෝගයෙන් ලැබෙන සුවයන් ගැන දැන් අපි බලමු.ශරීරයේ එකතු වන අනවශ්‍ය මේද තැන්පතු දිය කර හරිම.නරක කොලොස්ටරෝල් මට්ටම අඩු කර සිරුරට හිතකර කොලොස්ටරෝල් මට්ටම ඉහල දැමීම.රුධිරයේ ට්‍රයිග්ලිසරයිඩ් මට්ටම අඩු කිරීම.ලේ කැටි ඇති වීම වැලක්වීම.අධි රුධිර පීඩනය පාලනය කිරිම.අක්මාවේ කාර්යභාරය වැඩි දියුණු කිරීම.රුධිර සංසරණය විධිමත් කිරීම.ශරීරයේ ප්‍රතිශක්තිය වර්ධනය කිරීම.පිළිකා ඇතිවීම වැලැක්වීමප්‍රතිඔක්සිකාරක බලය මගින් සිරුරේ සෛල නැවත ප්‍රකෘතිමත් කිරීම

ලෙමන් සුදුළුනු සංයෝගය ඔබ උත්සහ කල යුත්තේ ඇයි ? ලෙමන් සුදුළුනු සංයෝගය මගින් ශරීර අභ්‍යන්තරය සම්පුර්ණයෙන්ම පිරිසිදු කිරීමක් සිදු වෙනවා. පහත දැක්වෙන රෝගයන් ඔබට තිබේ නම් මෙය වසරකට වරක් භාවිතා කිරීම මගින් ඒවා සුව කර ගන්නට පුළුවන්

  1. අධික කොලොස්ටරෝල් තත්වයන්
  2. ස්ථුලතාවය (තරබාරුබව)
  3. සයිනසයිටිස්
  4. හිසරසය
  5. ආතරයිටිස්
  6. අර්ශස්
  7. අම්ල පිත්තය
  8. දෘෂ්ටි අබාධ
  9. ශ්‍රවණාබාධ
  10. නීරක්තිය

මෙම ඖශධය සකස් කර ගන්නා ආකාරය හා භාවිතා කරන ආකාරය අවශ්‍ය ද්‍රව්‍ය ලෙමන් ගෙඩි 4ක්,සුදුළුණු බික් 4ක්.නටවා ගත් උණුසම් ජලය ලීටර් 3ක් ප්‍රථමයෙන් සුදුළුණු බිකි වල පොතු සුද්ද කර ගෙන ඒවා දෙකට කපා ගන්න. ලෙමන් ගෙඩි 4 හොදින් සෝදා ගෙන ලෙලි ගසන්නේ නැතුව කුඩා කැබලි වලට කපා ගන්න. දැන් මේ සියල්ල නටවා ගත් උණුසම් ජලය ලීටර් 3 සමග මිශ්‍ර කර ගන්න.දැන් මුඩිය හොදින් වැසිය හැකි විදුරු ජෝගු 3ක් ගෙන මෙම මිශ්‍රනය සමාන ප්‍රමාණයන්ගෙන් ඒවාට වක් කරන්න. දැන් මේවා ශීතකරණයක් තුල දින 3ක් ගබඩා කර තබන්න.දින 3කට පසු එලියට ගෙන ජෝගු වල පතුලේ තැන්පත් වී ඇති ලෙමන් හා සුදුලුනු කැබලි පෙරා ඉවත් කර දියරමය කොටස වෙනම ගබඩ කර ගන්න.ප්‍රථම දින කිහිපයේදී සෑම ප්‍රධාන කෑම වේලකටම පැය භාගයකට කලින් මෙම මිශ්‍රණයෙන් සුප් හැන්දක ප්‍රමාණයක් පානය කරන්න.

එසේ සිදු කිරිමේදී ඔබේ ඇගට කිසිදු අතුරු විපාකයක් (ඇලර්ජි වීමක්) නොදැනේ නම් එය සුප් හැන්දක ප්‍රමානය මෙන් දෙගුණයක් දක්වා වැඩි කර පානය කර හැක.මෙලෙස එක වරකට මිලි ලීටර් 50 ක ප්‍රමානයක් බැගින් දිනකට 3 වරක් ගත හැකි අයුරින් ගන්නා ප්‍රමාණය ක්‍රමයෙන් වැඩි කරන්න. කිසිම විටෙක දිනක් තුල මිලි ලීටර් 150 කට වඩා පාරිබෝජනය නොකරන්න.මෙය දින 40ක් පුරා සිදු කල යුතු අතර වසරකට වරක් මෙය සිදු කිරීම මගින් සමස්ත ශරීරයේම විෂ හරණය වී නරක කොලොස්ටරෝල් මට්ටම් සම්පුර්ණයෙන්ම ඉවත් කර ගත හැක.එයට අමතරව හොද කොලොස්ටරෝල් මට්ටම වර්ධනය කර ගෙන යහපත් හෘද සෞඛ්‍යක් මැරෙනා තුරා පවත්වා ගත හැක. මෙම ප්‍රතිකාරය ඇරඹි පළමු දින කිහිපය තුල ඔබට සේම තත්වයන් , හිසරදයන් ඇතුළු විවිධ අපහසුතා දැනුනත් ඒ පිලිබදව කිසි ලෙසකින් වත් බිය විය යුතු නෑ. ඒවායින් හැගවෙන්නේ අපගේ බෙහෙත මැනවින් සිරුර තුල ක්‍රියාත්මක වන බවයි.

උපුටා ගැනීමකි – හෙළ රහස් පිටුව

78,001 total views, 1 views today