චිකන් බිරියානි කිලෝවක් රුපියලකට අලෙවි කළ හෝටලය පැය දෙකකින් හිස් වෙයි.

කොරෝනා වෛරසය කුකුල් මස් හරහා ව්‍යාප්ත වන බව පැතිර යන අසත්‍ය පුවත් හේතුවෙන් බොහෝ අය මේ වනවිට කුකුල් මස් අනුභවයෙන් ඉවත් වෙමින් සිටිනවා.

මේ හේතුවෙන්, කුකුල් මස් ව්‍යාපාරිකයින් බොහෝ පිරිසක් පාඩු ලබන තත්ත්වයට පත්ව ඇති බවටයි වාර්තා වන්නේ.

 

මේ සම්බන්ධයෙන් අදාළ ව්‍යාපාරිකයින් පොලිසිය වෙත පැමිණිලි සිදු කර ඇති බව ද සදහන්.

අදාළ ව්‍යාජ පුවත ප්‍රචාරය කළ කිහිප දෙනෙකු මේ වනවිට පොලිසිය විසින් අත්ඩංගුවට ගෙන ඇති බවට ද වාර්තා වනවා.

මෙලෙස ඉන්දියාවේ කුකුල් මස් ව්‍යාපාරයට දැඩි බලපෑම් ඇතිව තිබෙන අවස්ථාවක එක්තරා පුද්ගලයෙකු විසින් පොන්නේරි ප්‍රදේශයේ නව චිකන් බිරියානි හෝටලයක් ආරම්භ කර තිබෙනවා.

 

එහි විශේෂත්වය වන්නේ, චිකන් බිරියානි කිලෝවක් රුපියලකට අලෙවි කිරීමයි.

 

මෙම කාරණාව සැලවීමත් සමග පොන්නේරි ප්‍රදේශයේ පිහිටි අදාළ හෝටලය වටා බොහෝ පිරිස් රැස්වූ බවයි ඉන්දිය මාධ්‍ය වාර්තා කර තිබුණේ.

 

පිරිස පාලනය කිරීම සදහා එම ස්ථානය වෙත පොලිසිය යොදවා තිබු බව ද සදහන්.

 

කඩයේ පළමු දිනයේදී අලෙවි වූ චිකන් බිරියානි ප්‍රමාණය කිලෝග්‍රෑම් 120 ක්.

 

මෙම බිරියානි තොගය පැය දෙකක් ඇතුළත අලෙවි වීමත් විශේෂත්වයක් වනවා.

 

කුකුල් මස් ආහාරයට ගැනීමෙන් කොරෝනා ආසාදනය නොවන බවට හේත්තු ගැනීම වෙනුවෙන් මෙම ක්‍රියාව සිදු කළ බවයි හෝටලෙහි අයිතිකරු මාධ්‍ය වෙත පවසා ඇත්තේ.

 

මෙය ඔබේ මිතුරන්ට බලන්න Share කරන්න

1,337 total views, 1 views today