Covid මර්දනය කිරීමට අමෙරිකාව කෘතීම බුද්ධියේ සහය පතයි..

සිඝ්‍රයෙන් පැතිරී යන කොරෝනා වෛරසය සම්බන්ධයෙන් වන ගැටලු වලට විසඳුම් ලබාගැනීම සඳහා අමෙරිකාවේ සහ ලෝකයේ අනෙක් රටවල, කෘතිම බුද්ධිය පිළිබඳ පර්යේෂකයන් කැඳවීමට ධවල මන්දිරය පියවර ගෙන තිබෙනවා.

කොරෝනා වෛරසය මැඬපැවැත්වීම සඳහා තාක්ෂණය යොදාගනිමින් දත්ත ලබාගැනීමේ නව ක්‍රම හඳුනාගැනීමට පර්යේෂකයන් අත්‍යවශ්‍ය බව ධවල මන්දිරය විසින් ප්‍රකාශයක් නිකුත් කර තිබෙනවා.

දැනටමත් Microsoft සහ Google සම්බන්ධයෙන් කටයුතු කරන තාක්ෂණික විශේෂඥයින් සමඟ ධවල මන්දිරයේ අදාළ නිලධාරීහු එක් වී කටයුතු කරන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

colombotimes

264 total views, 1 views today