දින 10ක් එක දිගට කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර කළ වෛද්‍යවරයා හෘදයාබාධයකින් මියයයි.

සීඝ්‍රයෙන් පැතිර යන කොරෝනා වෛරසය නිසා බොහෝ දෙනෙකු රෝගී වී මේ වන විට චීනය රට තුල ප්‍රතිකාර ලබමින් සිටිනවා.

ඒ වගේම දිනෙන් දින එහි මරණ සංඛ්‍යාවත් වැඩිවීමක් දක්නට ලැබෙනවා එම සංඛ්‍යාව මේ   වන විට 567ක් පමණ වෙනවා.

මේ අතරේදී මෙම රෝගීන්ට ප්‍රතිකාර කිරීමෙන් මිය ගිය වෛද්‍යවරයෙකු ගැන විදෙස් මාධ්‍ය තොරතුරු වාර්තා කර සිටියා.

28 හැවිරිදි සෝන්ග් යින් ජි නමැති මෙම වෛද්‍යවරයා නොනවත්වා දවසේ පැය 24 ම එක දිගට  දින 10 ක් මහත් කැපවීමෙන් මෙම රෝගීන් හට ප්‍රතිකාර කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය පෙන්වා දෙන පරිදි පැය 24 බැගින් දින 10ක් නොනිඳා වෙහෙස වූ නිසා ඇති වූ හෘදය ආබාධයකින් මෙම වෛද්‍යවරයා මිය ගොස් තිබෙනවා.

මෙවැනි වෛද්‍යවරු මිහිමත දෙවිවරුය..

170 total views, 1 views today