පුරන් කුඹුරු අස්වද්දුමට රජයෙන් සහය

ආයුබෝවන් 🇱🇰 ශ්‍රී ලංකාවේ පුරන් කුඹුරු අස්වද්දවමු. 

ශ්‍රී ලංකාව පුරා ඇති පුරන් වූ කුඹුරු අස්වැද්දීමේ ව්‍යාපෘතියක් ලෙස ආරම්භ කල මේ වන විට නව රැල්ලක් ඇතිකල ඔහු නාලක ප්‍රසාද් සේනාධීරය. දැදිගම ගම්මානයේ දිවි ගෙවන වයස 28 හැවිරිදිය තරුණයකි. “මනුස්සයෝ විදිහට අපි ජීවත් වෙන ඉතා කෙටි කාලය තුළ දී ශ්‍රී ලංකාවේ සෑම නිවසකම අපේ රටේ නිෂ්පාදනය කළ බතක් ඉදෙන්න සැලැස්වීම තමයි මගේ අරමුණ.” මේ උතුම් අධිෂ්ඨානයක් ගැබ් වී ඇති එම වදන් පෙළ පැවසූ ඔහු නාලක සේනාධීරය.

පුරන් වූ කුඹුරු අස්වද්දමින් රටේ අටුකොටු පුරවන්නට නව ආරම්භයක් දුන්… පිබිදෙන මව්බිමට ආශිර්වාදයක් වූ මේ ආදර්ශමත් තාරුණ්‍යයේ උද්යෝගය සහ කැපවීම අපි හදවතින් අගයමු..!!!  ශ්‍රී ලංකාව පුරා ඇති පුරන් වූ කුඹුරු අස්වැද්දීමේ ව්‍යාපෘතියක් අරඹා ඇති නාලක සමඟ මේ වන විට බොහෝ තරුණ තරුණියන් පිරිසක් ද එක් වී සිටිති. මේ වන විට ඔවුන්ගේ මහන්සියේ ප්‍රථිපල දළු මින් සිටියි.

සියළුම තරුණ තරුණියන් එකතු කොට පුරන් කුඹුරු අස්වද්දන ජාතික එකමුතු බව වෙනුවෙන් පුර්ණ රාජ්‍යයේ අවධානය යොමු කරවීමට හැකි වු බව මෙසේ සමස්ථ ශ්‍රී ලාංකික සැමට ග්‍යෙරවයෙන් යුතුව දන්වා සිටිමු. 2020 යල කන්නයේ මඩ,ගොඩ ගොව්තැන පිළිබඳව ප්‍රමුඛතවක් දිමට මෙම රජය විසින් දන්වා ඇත. ඒ වගේම පුරන් කුඹුරුවල බෝග වගාවක් කිරීමට අවසර දී ඇත.

ගමින් ගමට පුරන් වූ කුඹුරු අස්වද්දන තරුණ තරුණියන්ට ප්‍රාදේශීය මට්ටමින් අත හිත දීමට මෙම රජය පටන් ගෙන ඇත.. කුබුරු ඉඩම් ගොඩ කිරිමට අනුමැතිය දීම ඉතා අඩු කොට ඇත. මේ කොල්ලො ටිකට හයියක් වෙන්න අලුත් Trend එකක් ඇති කරලා සතියකට දවසක් කුඹුරට බහින වැඩක් කරන්න පුලුවන් නම් ආයිත් කියලා වැඩක් නෑ.. අපේ රටේම පාරම්පරික බිත්තර වී වස විසෙන් තොර ඒවා.. අපෙන් ගිලිහී ගිය තාක්ෂණයෙන් යලි පණ පොවනවා..  මේ සදහා ඔබට හැකි අයුරින් සහයෝගය දැක්වීමට කැමත්තක් ඇති නම් ඔබ ප්‍රදේශයේත් පුරන් වූ කුඹුරු අස්වද්දන්න කැමැත්තක් ඇති නම් පහත දුරකථන අංකය අමතා සහයෝගය ලබා දෙන්න.
නාලක සේනාධීර : 071 5175751

ආදරණීය කොල්ලනේ….. උඹලාට යෝධ බල යෝධ ශක්තියම ලැබේවා….!!!
බොහොම ස්තුතියි..
ජය වේවා..! තෙරුවන් සරණයි..!!

327 total views, 2 views today